අද අරගෙන ආවෙ Robin Hood! 🏹
රොබින් හුඩ් කිව්වම කතාව දන්නෙ නැති වුනත් මේ නමවත් අහලා නැති කෙනෙක් ලංකාවේ ඉන්නවා ඇති කියලා මම හිතන්නෙ නෑ. ඒ තරමටම මේ Robin Hood සහ අපේ ටෙලිවිෂන් රසිකයන් අතර තියෙන්නේ ලොකු බැඳීමක්නේ. මේ බැඳීම මුලින්ම හැදුනේ මං හිතන විදිහට Robin of Sherwood 1984 රූපවාහිනී කතා මාලාව ශ්‍රී ලංකාවේ විකාශනය වීමත් එක්කමයි.
ඉතින් 2025 නොවැම්බර් 02 වැනිදා MGM+ රූපවාහිනී ජාලය වෙනුවෙන් Lionsgate Television නිෂ්පාදනය කරන මේ Robin Hood කතා මාලාව බලනවා නම් මම හිතනවා ඔයා රොබින් හුඩ් ගැන මීට කළින් දැනගෙන ඉඳපු දේවල් ඔක්කොම අමතක කරලා අලුත්ම කතාවක් බලනවා වගේ බැලුවොතින් ඇත්තටම හොඳ වෙයි කියලා. ඒ වගේම ලංකාවේ බහුතරයකට OG සීරීස් එක Robin of Sherwood එක්ක මේක සංසන්දනය කරගන්නත් එපා.
තව එපිසෝඩ් ගොඩක් ඉස්සරහට තියෙන හින්දා මේ සීරීස් එකේ අනාගතය ගැන ලොකුවට predict කරන්නත් බැරි නිසා මම දැනට හොයාගන්න පුලුවන් වුනු විස්තරය කියන්නම්.
මේක මිනිස්සුන්ට උදව් කරන ගමන් වනාන්තරය ඇතුළේ දුව පනින් සුරංගනා කතාවක් නෙවෙයි. IMDb කියන විදිහට මේක නෝමන් ආක්‍රමණිකයන් සහ පීඩිත සැක්සන්වරුන් අතර ඇතිවුනු කුරිරු ඝට්ටනය හොඳින්ම පෙන්වන තේමාවක් මුල් කරගෙන නිර්මාණය වුනු සීරීස් එකක්.
අපිට පුරුදු විදිහට තාත්තාව මරපු පළිය අරගන්න කැරලිගහන රොබින් ගැන කතාවම තමයි. ඒත් පළිගැනීමට වඩා දේශපාලනික පැත්ත ලොකුවට ස්පර්ශ කිරීමයි මේකෙ අරමුණ කියලා තමයි සඳහන් වෙන්නේ.
ඒ වගේම මේ සීරීස් එක ඇතුළේ ප්‍රධාන තරුණ සටන්කාමී චරිත ගැන වගේම දුෂ්ඨ සහ බලවත් පාලකයින්ගේ චරිත ගැනත් ගැඹුරින් කතා කෙරේවි කියලා කියන්න පුලුවන්.
එහෙනම් යමු cast එක පැත්තට! 🔥
ෂර්වුඩයේ රොබ් චරිතය වෙනුවෙන් නවක රංගන ශිල්පී Jack Patten වගේම මැරියන් චරිතය වෙනුවෙන් Lauren McQueen රංගනයෙන් දායක වෙනවා. පළිගැනීම සහ දේශපාලන පැතිකඩ වගේම මේ දෙන්නාගේ ආදර කතාවත් හොඳට develop කරගෙන යනවා කියලා තමයි සඳහන් වෙන්නේ.
ඊළඟට හැරෙමු cast එකේ ඉන්න ප්‍රබල චරිත කිහිපයක් පැත්තට.
* Sean Bean
හොඳ චිත්‍රපට, කතාමාලා රසිකයෙක් නම් ඔයා මේ නම නොදැන ඉන්න විදිහක් නෑ. LOTR වල Boromir, GOT වල Eddard, Percy Jackson වල Zeus… වගේ තව කොයි තරම් දිග ලිස්ට් එකක් තියෙනවද? ඒ වගේ කෙනෙක් මේකෙත් ඉන්නවා කියන්නේ නිකමට හිතන්න මේකෙ යම් දෙයක් අනිවාරෙන් තියෙන්න ඕන නේද කියලා. 😉
* Connie Nielsen
Gladiator වල Lucilla, Justice League වල Hippolyta… තව ඕන තරම් තියෙනවා.
නොවැම්බර් මුල් භාගය වෙද්දි තවම මේ කතාමාලාවට IMDb මීටරය කැරකිලා තියෙන්නෙ 6.1/10 යි. ඒ ප්‍රේක්ෂක ප්‍රතිචාර 600ක් වැනි ප්‍රමාණයකින්. ඉතින් බලමු, අනිවාරෙන් මේක ඉස්සරහට උඩු යටිකුරු වේවි.
incomplete
Direct Download කිරීමට පහතන් ඔබට අවශ්‍ය කතාමාලව මත ක්ලික් කරන්න 👇

.png)




0 Comments