My Fault (2023) Aka Culpa mia සිංහල උපසිරැසි සමඟ



 Culpa Mia නැත්තම් My Fault කියන්නෙ ගිය දවස් වල ගොඩ දෙනෙක් කතා කරපු, විවේචනය කරපු, මඩ ගහපු, අගය කරපු සිනමා පටයක්. ඒක හැම අතකින්ම සාධාරණයි. මොකද අපි හැමෝම එකම කොණෙන් බලන්නෙ නෑනෙ. එහෙම එකම කොණෙන් නොබලන නිසා තමයි මේ වගේ සිනමාපට අපිට බලන්න හම්බෙන්නෙ. මේක Spanish එහෙම නැත්තම් ස්පාඤ්ඤ සිනමාපටයක්. 2023 ජූනි 8 තමා Amazon Prime හරහා මේක නිකුත් වෙන්නේ. එයාල කියන විදියට ඉංග්‍රීසි නොවන සිනමාපටයක් වෙනුවෙන් දින තුනක ලැබුණු වැඩිම නැරඹුම් ප්‍රමාණය වාර්තා වෙලා තියෙන්නෙ මේ සිනමාපටයට. ඔව් මේක එසේ මෙසේ භාණ්ඩයක් නෙවෙයි.


මේ ෆිලුමට පාදක වෙන්නෙ Mercedes Ron කියන කතුවරයාගේ Culpa Mia කියන පොත. Culpa Mia කියන ස්පාඤ්ඤ භාෂාවේ එන වචනෙ තේරුම තමා මගේ වැරැද්ද කියන එක. ඉතින් මේ කතුවරයා මේ පොතට පස්සෙ තව පොත් දෙකක් රචනා කරල තියනවා. ඒ කියන්නෙ පොත් ත්‍රිත්වයක්. ඉතුරු ෆිල්ම් දෙකත් කරනවද නැද්ද කියල තීරණය කරන්නෙ මේ ෆිලුමේ ප්‍රතිචාර බලල කියල තමා සඳහන් වෙන්නෙ. ෆිල්ම් එක ඉවර වෙන්නෙත් තව ෆිලුමකට කතාව පනිනවා වගේ තමා. දැනට තියන ප්‍රතිචාරත් ටිකක් හොඳ නිසා මේකෙ අනිත් ෆිල්ම් දෙකත් අපිට බලාගන්න පුළුවන් වෙයි. රංගනයෙන් දායක වෙන අය ගැන නම් මං කියන්න යන්නෙ නෑ මොකද අපි දන්න කියන කව්රුත් මේකෙ නෑ ඇත්තටම. ඒත් ඒක ෆිල්ම් එක බලන්න බාධාවක් කරගන්න එපා. IMDB දර්ශකය 6.3/10ක් සටහන් වෙද්දි ගූගල් පරිශීලකයන්ගේ කැමැත්ත 92%ක් මේකට ලැබිල තියනවා.


මට හිතෙන විදියට අපි හැමෝම ආදරේ කරල තියනවනේ. නෑ කියන්න බෑ හිතින් හරි ආදරේ කරල ඇතිනේ. ඔව් මේ කතාව ආදරේ ගැන කියවෙන අපූරු කතාවක්. රෆායෙල් එයාගෙ දුව වෙන නෝව එක්ක තමන්ගෙ අලුත් ස්වාමියා වෙන විල් එක්ක පදිංචි වෙන්න යනවා. එහෙම යන්නෙ ඇයි කියල ඔයාලට ෆිල්ම් එකේ බලාගන්න පුළුවන්. විල් කියන්නෙ සල්ලි ගස් හිටවලා ඒවගෙන් සල්ලි කඩාගෙන ජීවත් වෙනව කියල කෙනෙක්ට හිතෙන්න පුළුවන් ජාතියේ පොහොසත් කෙනෙක්. එයාට ඉන්නව පුතෙක්. එයාගෙ නම නිකලස්. ඉතින් අපිට මේ ෆිල්ම් එකෙන් බලන්න පුළුවන් මේ නෝවයි නිකලසුයි දෙන්නට දෙන්න මුණ ගැසීමත් එක්ක එයාලගෙ ජීවිත වලට වෙන පෙරළිය. කතාව මෙතනින් එහාට කියන්නෙ නෑ හැමෝටම මේක බලන්න කියල ආරාධනා කරනවා. අනික ෆිල්ම් එක තනියම බලනව නම් හොඳයි. මොකද වෙලාවකට මේ දෙන්නට ආදරේ දරාගන්න බැරි වෙලාවල් එනව. ඒ නිසා ඒකත් පරිස්සමින්


Direct  Download කිරීමට පහතන් ඔබට අවශ්‍ය කතාමාලව මත ක්ලික් කරන්න  👇

480p.mp4

720p.mp4









Post a Comment

0 Comments